මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තලවිල බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

    මාර්තු 05, 2020

    තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යය ස‍ඳහා පැමිණෙන සියලු බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස්. පොල්වත්තගේ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන ලදී.

     

    බැතිමතුන්ගේ පහසුව උදෙසා සාමාන්‍ය දුම්රිය සේවාවන්ට අමතරව මොරටුව සහ කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය 04ක් ද ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව ඒ මහතා වැඩි දුරටත් දක්වන ලදී. ඒ අනුව 2020.03.07 දින පස්වරු 02.10 ට මොරටුව සිට පාලාවි දක්වාද 2020.03.07 සහ 2020.03.09 යන දෙදින තුළ පෙරවරු 09.35, පස්වරු 01.10, පස්වරු 03.40 වශයෙන් ගමන් වාර තුනක් කොළඹ කොටුව සිට පාලාවි දක්වාද ක්‍රියාත්මක වේ.

    2020.03.07 දින පස්වරු 04.00 ට පාලාවි සිට මොරටුව දක්වාද 2020.03.07 සහ 2020.03.09 යන දෙදින තුළ පස්වරු 02.55, පස්වරු 06.07 වශයෙන් ගමන් වාර දෙකක් පාලාවි සිට කොළඹ කොටුව දක්වාද ක්‍රියාත්මක වේ.
    මෙයට සමගාමීව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමග එක්ව ඒකාබද්ධ සේවාවක් ද ක්‍රියාත්මක වන අතර එහිදී පාලාවි දුම්රිය ස්ථානයට පැමිණෙන බැතිමතුන් දේවස්ථානය කරා ගමන් කරන තෙක් ඔවුන්ට නවාතැන් පහසුකම් සැපයීම, දුම්රිය මගීන්ගේ පහසුව උදෙසා ආපනශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya