මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා පාපැදි සවාරිය ඇරඹේ

    මාර්තු 05, 2020

    ශ්‍රි ලංකා ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 21 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 5,6 සහ 7 යන දිනයන් හි දී පැවැත් වේ. මෙම පා පැදි සවාරිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පාපැදි තරඟකරුවන් 150කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිතය.

     

    පාපැදි ක්‍රිඩාව ශ්‍රි ලංකාව තුළ ප්‍රචලිත කරමින් ව්‍යාප්ත කිරිම හා පාපැදි තරඟකරුවන් අතර තරඟකාරිත්වය ඇති කිරිමේ අරමුණින් පැවැත්වෙන මෙම පාපැදි සාවරිය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරිති වලට, ජාත්‍යන්තර ප්‍රමිතින්ට හා අධික්ෂණය යටතේ පවත්වනු ලබයි.

    ශ්‍රි ලංකා ගුවන් හමුදාව ශ්‍රි ලංකා පාපැදි සම්මේලනය සමඟ එක්ව සංවිධානය කරනු ලබන මෙම පාපැදි සවාරිය සඳහා ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සොෆ්ට්ලොජික් සමාගම කටයුතු කරන අතර ගුවන් හමුදා පාපැදි සවාරියේ නිල මාධ්‍ය අනුග්‍රහයා ලෙස ජාතික රූපවාහිනිය කටයුතු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya