මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පත්වීම් ලිපි නොලැබූ උපාධිධාරීන් ඒ පිළිබඳව දැනුම් දෙන්න - අමාත්‍ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 04, 2020

    මෙතෙක් පත්වීම් ලිපි නොලැබූ උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත නැවත දැනුම් දෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

     

    රැකියාලාභී උපාධිධාරීන්ගේ සියලුම පත්වීම් ලිපි මේ වන විට යවා අවසන් බවත් තමා එවූ ලිපියෙහි හෝ විද්‍යුත් තැපෑලෙහි පිටපතක් දැනුම් දෙන ලිපිය සමග එවිය යුතු බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

    මෙහිදී උපාධිධාරීන් වෙත පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් නැවත දැනුම් දීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳ උපදෙස් පත්‍රිකාවක් සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත අද දිනයේ යැවූ බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya