මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්

    මාර්තු 04, 2020

    රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්/ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

    පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථානය හෝ නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරනු ඇත.

    පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක්කරනු අතර දුන් පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කෙරේ.

    දෙවන කණ්ඩායම අදාළ සේවා ස්ථානය තුළ සිය රාජකාරී කටයුතු පිළිබඳ හා සේවා ස්ථානය පිළිබඳ මාස දෙකක අධ්‍යනය කරමින් එම ස්ථාන දියුණු කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනු ඇත. පළමු කණ්ඩායමේ නායකත්ව පුහුණු නිමවීමත් සමඟ ඔවුන් සිය සේවා මධ්‍යස්ථාන වෙත යොමුකරන අතර මාස දෙකක කාලයක් සේවා ස්ථානය හා පැවරී ඇති කටයුතු පිළිබඳ අධ්‍යනයක් කරමින් ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ යුතුය. ව්‍යාපෘති වාර්තාව සම්පූර්ණ කල දෙවන කණ්ඩායම මාස 2ක නායකත්ව පුහුණුව ලබන අතර මෙම කණ්ඩායම් දෙකම ඉන්පසු අදාළ සේවාවේ වෘත්තීය පුහුණුවකට යොමුකරනු ඇත. 2021 මාර්තු 1 වන දින සිට සියලුම අභ්‍යාසලාභීන්ට අදාළ සේවා මධ්‍යස්ථානයේ ස්ථීර පත්වීම් ලබාදෙනු ඇත.


    පත්වීම් ලබන සෑම උපාධිධාරී අභ්‍යාසලාභියෙකුම තමන්ගේ සේවා ස්ථානයට ආසන්න ලංකා බැංකුව, මහජන බැංකුව, ඉතිරි කිරීමේ බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ශාඛාවක බැංකු ගිණුමක් විවෘත කළයුතු අතර ඒ පිළිබඳ විස්තර ප්‍රාදේශීය ලේකම්වරයාට ලබාදිය යුතුය. ඒ අනුව පුහුණුවීම් කාලය තුළ මාසිකව රුපියල් 20,000 දීමනාවක් එම ගිණුමට බැර කරනු ඇත. අභ්‍යාස පුහුණු කාලයේ මුල් මාස 2 තුළ සකස් කරනු ලබන ව්‍යාපෘති වාර්තා අනුව ග්‍රාමීය හා අඩුපහසුකම් ඇති අදාළ සේවා මධ්‍යස්ථාන දියුණු කිරීමට කරනු ලබන යෝජනා සඳහා 2020 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන්කිරීමටද අපේක්ෂා කරනු ලබන බැවින් සියලුම අභ්‍යාසලාභීන් සේවා මධ්‍යස්ථානයේ දැනට සේවය කරනු ලබන්නන්ගෙන් හා අවට ප්‍රදේශයේ ප්‍රජාවගේ අදහස් ද ඇතිව සිය සේවා කටයුතුවල නිරත විය යුතු ය.

    ජනාධිපති මාධ්‍ය අංශය

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya