මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධුර කාලය නිම කළ චීන තානාපති ජනපති හමු වී සමු ගනී

    මාර්තු 01, 2020

    ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි. සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට ප්‍රථම (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවූ තානාපතිවරයා එසේ සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ තම ධූර කාලය තුළ අමතක නොවන සිහිවටන කිහිපයක්ම ඇති බව ඔහු පැවසීය. තම නව තනතුර යටතේද ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම සහාය දෙන බව තානාපතිවරයා කීය.

    කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් චීනයට දැක්වූ සහයෝගයට රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් චෙංග් ෂියුආන් මහතා ස්තූතිය පුද කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයට පරිත්‍යාග කළ කලු තේ තොගය,  දිවයින පුරා සිදු වූ ආශිර්වාද පිරිත් පිංකම් තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

    වෛරසය කඩිනමින් පාලනය කර ඇත. අලුතෙන් ආසාදනය වන රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් ඔහු පැවැසීය.


    තානාපතිවරයාට සුබ පැතූ ජනාධිපතිතුමා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටියේය. කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය, සූර්ය හා සුළං බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම පිළිබඳව ජනාධිපතිතුමා තානාපතිවරයා දැනුවත් කළේය.


    කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සලසන බව ද ජනාධිපතිතුමා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya