මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ නියෝග නොසළකා විශ්වවිද්‍යාල සිසුහූ පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක- සාමකාමීව ගැටළුව විසඳගැනීමට පොලීසිය කළ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරයි

    පෙබරවාරි 29, 2020

    රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කරගන්නා ලෙස අධිකරණ නියෝගයක් ද ලැබී ඇති බව පොලීසිය දැන්වුවද එයට සිසූහූ විරෝධය දක්වමින් එම ස්ථානයේ  ම රැදී සිටීමට කටයුතු කර තිබේ.

    මෙම සත්‍යග්‍රහය හේතුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළුවීම මෙන් ම පදිකයින්ට ගමන් කිරීමට  බාධාවක් වන බැවින් මෙම ස්ථානයෙන් ඉවත් වීමට අධිකරණ නියෝගයක් ද ලැබී ඇතැයි පොලීසිය පවසයි. මේ පිළිබඳව සිසුන් දැනුවත් කිරීමට අද (29) එහි ගිය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු පැහැදිළි කළ ද සිසුන් ඊට සිය විරෝධය දක්වා ඇත.

    මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට එම ස්ථානයට ගිය  නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත සත්‍යග්‍රහයේ නිරත වූ සිසුන් පවසා සිටියේ, ප්‍රශ්නයට උත්තර නොලැබෙනවා නම්, මෙම ස්ථානයෙන් යෑමට සූදානම් නොවන බවය

    පොලීසිය හැටියට පහර දෙන්න කිසිම අවස්ථාවක කැමැත්තක් නොදක්වන බව එහිදී නියෝජ්‍ය  පොලිස්පතිවරය  සිසුන්ට ප්‍රකාශ කර තිබේ. එහිදී පදික වේදිකාව අවහිර වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරය සිසුන්ට පෙන්වා දුන්නේ ය.

    මේ පිළිබඳව සිසුන් දැනුවත් කර සමථකරණයකට පැමිණි බවත් කිසිදු ගැටුමකට නොපැමිණි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය වෙත සඳහන් කළේ ය. එමෙන් ම අධිකරණයේ
    නියෝගයක් තිබියදී ඊට පටහැනිව කටයුතු කරනවා නම්, එයට කටයුතු කිරීම අවශ්‍ය බවත් බලය පාවිච්චි කිරීම සිදු නොකිරීමට හැකිතාක් උත්සහ කරන බවත් මෙම ප්‍රශ්නය සාමකාමීව
    විසඳාගැනීමට උත්සහ කරන බවත් එසේ නොමැති වුවහොත් නීතියේ ප්‍රතිපාදන අනුව ක්‍රියාකරන්නට සිදුවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

    මෙහි දී අඳහස්  දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කැරැව්වේ ජිනරතන හිමි,  අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි බවත් තම ගැටළුව විසඳෙන තුරු ඉවත් නොවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

     රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සම්බන්ධ ගැටළුවක් මුල්කරගනිමින් සිසුන් මෙසේ විරෝධතාවයක යෙදී සිටින බව පැවසේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya