මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම් ලාභීන් සඳහා රැකියා 100,000 ලබා දීමේ වැඩසටහනට මාතරින් අයදුම්පත්‍ර 61475 ක්

    පෙබරවාරි 29, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන “ඔබට රටක් - රටට
    හෙටක්’’ තේමාව යටතේ බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බලකාය මගින් අඩු ආදායම්ලාභීන් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනට අදාළව මාතර දිස්ත්‍රික්කයේ අඩුආදායම් ලාභීන් 61475 දෙනෙකු සඳහා අයදුම්පත්‍ර නිකුත්කර ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කරයි.

    නිකුත් කරන ලද අයදුම්පත් වලින් 39745 ක් නිවැරදිව සම්පූර්ණකර ආපසු බාර දී තිබේ. ඒ අතරින් 33869 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කර තිබේ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් කරන ලද අයදුම්කරුවන් අතරින් 14882 ක් දෙනා මේ වන විට සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී අවසන් බව ද දිස්ත්‍රික් ලේකම් වරයා වැඩිදුරටත් පැවසී ය.

    මාතර දිස්ත්‍රිකයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහසයෙහි ම සම්මුඛ පරික්ෂණ පසුගිය විසිහය (26) වන දින ආරම්භ කෙරිණි.


    බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සදහා බඳවා ගැනීමේ මෙම සම්මු‍ඛ පරීක්ෂණ අද (29) දින දක්වා අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya