මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුම්රිය උපයෝගී කරගනිමින් ඛණිජ තෙල් ප්‍රවාහනයට අවධනය

    පෙබරවාරි 29, 2020

    දුම්රිය උපයෝගී කරගනිමින් ඛණිජ තෙල් ප්‍රවාහනය කිරීම සඳහා තමන් විසින් මේ වන විට උපදෙස් ලබා දී ඇති බවත්, ඒ සඳහා ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇති බවත්, මගී ප්‍රවාහන කළමනාකරණ, බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති දුම්රිය සේවකයන්ට ස්ථිර පත්වීම බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අද වන විට ඛණිජ තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම පාහේ සිදු කරනු ලබන්නේ බවුසර් මගින් බවත් ඉදිරියේදී එය දුම්රිය හරහා කිරීම මගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩිකිරීමට සමත් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එමෙන්ම භාණ්ඩ ප්‍රවාහනයද පෞද්ගලික අංශයෙන් දුම්රිය සේවයට නැවත පවරා ගැනීමට හැකි වුවහොත් ඒ හරහාද දුම්රිය ආදායම වැඩි කැගැනීමට හැකියාව ඇති බවද ප්‍රවාහනයට දුම්රියේ දායකත්වය වැඩි කරගැනීම මගින් සිදුවන මාර්ග අනතුරුද වළක්වා ගැනීමට ඇති ශක්‍යතාවයද ඉහළ අගයක් ගන්නා බවද අමරවීර මහතා පැවසීය.

    සුඛෝපභෝගී දුම්රිය හා සංචාරක දුම්රිය ඇතිකිරීම හරහාද දුම්රිය ආදායම වැඩි කිරීමට හැකියාව තිබෙන බව පැවසු අමාත්‍යවරයා පැවති දුම්රිය ගාස්තුව වැඩි කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ පාඩුව අවම කිරීමට විසදුම නොවන බවද පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya