මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය රජයෙන් ස්ථීර නොකළ දුම්රිය සේවකයින් පිරිසකට ස්ථීර පත්වීම් ලබාදෙයි

    පෙබරවාරි 29, 2020

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම්, තාවකාලික, ආදේශක හා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සුළු සේවකයින් 1200කට එම දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීම් ලබාදීම (28) දින පෙරවරුවේ කොළඹ
    පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාත් අතිපුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේත් සහභාගී වුහ.

    2013 වර්ෂයේ සිට බඳවාගත් සුළු සේවකයින් මෙම ස්ථිර පත්වීම් ලැබූ පිරිස වූ අතර මෙම සේවක පිරිස වසර 5ක් තිස්සේ තමන් ස්ථිර කරදෙන ලෙස ඉල්ලා සිටියත් පසුගිය රජය විසින් එම පිරිස ස්ථිර කිරීමට පියවර ගෙන නොතිබිණි.

    වත්මන් රජයේ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අමාත්‍ය මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දෙන ලදී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya