මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි පරිදි විශ්‍රාමික නිලධාරීන්ගේ ලිපි ලේඛණ ලබා නොදීම විශ්‍රාම වැටුප් පමාවට විශාල ලෙස බලපා තියෙනවා- අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්  

    පෙබරවාරි 22, 2020

    විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් රජය වාර්ෂිකව විශාල මුදලක් වෙන් කරන අතර මේ කටයුත්ත මෙහෙයවීම වෙනුවෙන්ද විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

    කෙසේ වුවද විශ්‍රාම වැටුප් සකස් කිරීමේදී කලාප අධ්‍යාපන කාර්යාල සහ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාල මේ සම්බන්ධයෙන් දක්වන ආකල්පය යහපත් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. විශේෂයෙන් අදාළ කාර්යාලයන්හි සේවය කොට විශ්‍රාම යන නිලධාරීන්ගේ ලිපි ලේඛණ එවීමේදී මෙම ආයතන දක්වන ප්‍රමදය හේතුවෙන් බොහෝ අයදුම්පත් ආපසු හරවා යැවීමට දෙපාර්තමේන්තුවට සිදුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    මේ කරුණු අනාවරණය වුනේ පසුගිය දා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවති අන්තර් පළාත් සභා විෂය සම්බන්ධීකරණ සමුළුවේදීය.

     

    මෙහිදී විශ්‍රාම වැටුප් ගැටලුව පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ අමාත්‍යවරයා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ කරුණු විමසීමේදී විශ්‍රාම වැටුප් ජනරාල් වරයා සඳහන් කර සිටියේ නිවැරදි ලෙස සම්පූර්ණ කර නොඑවන එවැනි අයදුම් පත්‍ර හේතුවෙන් ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට සිදුව ඇති බවයි.අසම්පූර්ණ අයදුම් පත් තම දෙපාර්තමේන්තුවට ලද විට යළි ඒවා අදාළ කාර්යාල වෙත හරවා යවන මුත් එකී විශ්‍රාම වැටුප ගෙවීමේදී හිඟ වැටුප් ගෙවීමට සිදුවීම විශාල මූල්‍ය ගැටලූන් නිර්මාණයට හේතුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

    මේ සඳහා ගත හැකි විසඳුම කුමක් විය යුතුදැයි අමාත්‍යවරයා කළ ප්‍රශ්න කිරීමේදී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ, අදාල පළාත් නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබා දීම වඩා යෝග්‍ය බවයි. ඒ අනුව අදාළ පළාත් රාජ්‍ය නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමය සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබා දීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා අදාල පළාත් ලේකම්වරුන්ට දැන්වූ අතර මේ සඳහා වන විශේෂඥ උපදේශන
    සේවාව සැපයීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් භාර ගන්නා ලදි.මෙයට අමතරව පළාත් රාජ්‍ය සේවාවේ මාණ්ඩලීක ශ්‍රේණියේ නිලධාරීන් රාජ්‍ය සේවයෙන් නිදහස්ව වෙනත් ව්‍යාපෘතින්හි නිරත වීම තුළින්ද විශ්‍රාම වැටුප් ගැටලු ගණනාවක් උද්ගතව ඇතැයි අවධාරණය කළ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ තත්ත්වය පළාත් සෞඛ්‍ය සේවාවේ විශාල වශයෙන් දක්නට ලැබෙන බවද පැවසීය.එසේ ව්‍යාපෘති සඳහා යන නිලධාරීනගෙන් අය විය යුතු සියයට 25 දායක්තව මුදල හෝ සියයට 7 වැන්දඹු අනත්දරු දායක මුදල පවා නොලැබෙනවා පමණක් නොව මෙකී නිලධාරීන්ගේ මුලු ලිපිගොණුවම අතුරදහන් වීම විශාල ප්‍රශ්නයක් බවද කීය.

    මේ හෙළිදරව් වන විශ්‍රාම වැටුප් ගැටලු පිළිබඳ පළාත් ලේකම්වරුන් කඩිනමින් අවධානය යොමුකොට මේ තත්ත්වය නැති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද පැවසීය.එසේම සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන්ට බලපාන සංචාරක කර්මාන්තය අරඹයා පළාත් පාලන ආයතන විසින් අය කරන සියයට 1 බද්ධ සියයට දශම 5 දක්වා අඩුකිරීම සඳහා වූ කැබින්ට් සංදේශයක් මේ වන විටත් තමන් පිළියෙල කර ඇතැයි සඳහන් කළ අමාත්‍යවරයා, සංචාරක ක්ෂේත්‍රෙය්ව්‍ යවසායකයින් නගා සිටූවීම අරඹයා මේ කටයුත්ත සිදුකරන බවද පැවසීය.විශේෂයෙන් මේ සහනය තමන්ගේ නිවසේ කොටසක් සංචරකයින් සඳහා ලබා දෙමින් මේ ව්‍යාපාරයේ නිරත කුඩා පරිමාන ව්‍යවසායකයින් දිරිගන්වන්නක් වනු ඇතැයිද අමාත්‍යවරයා මෙහදී පැවසීය.
    මෙම අවස්තාවට අමාත්‍යංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් වන බී.කේ.එස්.රවීන්ද්‍ර, එස්.ජී .විජයබන්දු යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    පළාත් නවයේ ප්‍රධාන ලේකම්වරුන් , පළාත් කොමසාරිස්වරුන්, මෙන්ම අමාත්‍යංශ ප්‍රධානීන් මෙම සමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya