මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරු සම්මත ගිණුමට සංශෝධන එක් කිරීමට විරෝධය පළ කරමින්, යහපාලන රජය කළ වැරැදි නිවැරැදි කර ගැනීමට තිබූ අවස්ථාවත් අහිමි කර ගත්තා - රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ  

    පෙබරවාරි 22, 2020

    අකාර්යක්ෂම මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය පාලන සමය තුළ ගෙවා ගත නොහැකි වූ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ වියදම් පියවීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විරෝධය පළ කිරීම කණගාටුවට කරුණක් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    එක්සත් ජාතික පක්ෂය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් පළ කළ විරෝධතාව හේතුවෙන් විවිධ ඉදිකිරීම්වල නිතරවූ කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන් යටතේ සේවය කරන කම්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වය වෙත ගෙවීම් කිරීම තව දුරටත් ප්‍රමාද වන බව හෙතෙම සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මගින් ම තෝරාගනු ලැබූ කොන්ත්‍රාන්කරුවන් මෙසේ අසරණභාවයට පත් කිරීම හුදෙක්ම දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණෙන් සිදු කළ එකක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සේමසිංහ මහතා මේ බව කියා සිටියේ  (20) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.


    පැවැති ආණ්ඩුව මගින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමක් මගින් දැනට රජයේ වියදම් වෙනුවෙන් මුදල් වෙන් කෙරේ. ඒ අනුව 2020 ජනවාරි මස 01 වැනි දා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා රජයේ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුම මගින් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 757කි.


    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණය අනුව 2019 වසරේ දී විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතුව තිබූ මුදල් පියවීමට තීරණය කෙරිණි. ඒ එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෝ ඔවුන්ට සිය සේවකයන් වෙනුවෙන් මුදල් ලබා දීමට හැකි වන අයුරිනි.


    පසුගිය ආණ්ඩුව විසින් 2019 වසරේ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 156 මුදලක් නොගෙවා තිබූ අතර තවත් රුපියල් බිලියන 211ක මුදලක් ප්‍රතිපාදන නොමැතිව වැය කර තිබිණි. මෙහි සමස්ත එකතුව වන රුපියල් බිලියන 367කි. පසුගිය රජය මගින් සම්මත කර ගත් අතුරු සම්මත ගිණුම මගින් මේ සඳහා මුදල් වෙන් කර නොතිබූ අතර ඒ වෙනුවෙන් තවත් රුපියල් බිලියන 367ක මුදලක් ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුම සංශෝධනය කිරීම සඳහා වූ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. කෙසේ වෙතත් විපක්ෂයේ විරෝධය හමුවේ අදාළ යෝජනාව ඉවත් කර ගැනීමට ආණ්ඩුවට සිදු විය.


    සෞඛ්‍ය ඖෂධ හා සැපයුම් වෙනුවෙන් රු මිලියන 25,696ක්, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී සහනාධාර වෙනුවෙන් රු මිලියන 45,856ක්, පොහොර සහනාධාරය වෙනුවෙන් සැපයුම්කරුවන්ට රු මිලියන 23,950ක්, ත්‍රිවිධ හමුදා සේවාවන්ට සහ භාණ්ඩාගාරය මත යැපෙන ආයතනවල නොගෙවූ බිල්පත් වෙනුවෙන් රු මිලියල 5,490ක්, මහා මාර්ග ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් රු මිලියන 18,449ක්, නගර සංවර්ධන ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් රු මිලියන 6,862ක්, පාසල් සංවර්ධන ඉදිකිරීම්කරුවන් වෙනුවෙන් 2,824ක්, ගම්පෙරළිය, උතුර පළාත් සංවර්ධන, නැවත පදිංචිකිරීම් සැපයුම්කරුවන්ට රු මිලියන 3,126ක්, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල නොපියවූ මුදල් රුපියල් මිලියන 3,895ක්, ජල සම්පාදන, උසස් අධ්‍යාපන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,990ක් සහ වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන යටතේ ඉදිකිරීම්කරුවන්ට රුපියල් මිලියන 6,558ක් ආදී වශයෙන් ගෙවීම නියමිතව තිබේ.


    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම ගෙවීම් වෙනුනේ අතුරු සම්මත ගිණුම මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ ඉඩ ලබා නොදුන්න ද මීළග අයවැය මගින් අදාළ මුදල් වෙන් කරන බවයි.
    රට තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මේ සියලු ගෙවීම් සිදු කිරීමට ඇත්තේ 2019 වසර සඳහා බව අවධාරණය කළේ ය. නිසි ආදායම්, වියදම් හෝ ණය කළමනාකරණයක් නොමැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමන් විසින් ම කළ වරද නිවැරැදි කර ගැනීමට උත්සහ නොකිරීමට කණගාටුවට කරුණක් බව අමාත්‍යවරයා පැවැසීය.


    පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ කඩිමුඩියේ මුල්ගල් තබමින්, විවෘත කළ ව්‍යාපෘතිවල සැබෑ තත්ත්වය දැන් ජනතාවට අවබෝධ වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එම සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට කිසිදු යහපතක් සිදු නොවන බවයි. ඉදිරි මහ මැතිවරණයේ දී ජනතාව මෙම පිරිසට නිසි ප්‍රතිචාරය දක්වනු ඇති බව ද සේමසිංහ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya