අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන මාර්ග හා අධිවේගි මාර්ගයන් වෙත පිවිසෙන විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනයට පියවර

    පෙබරවාරි 06, 2020

    ප්‍රධාන මාර්ග හා අධිවේගි මාර්ගයන් වෙත පිවිසෙන විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව පසුගිය වසර 10 තුළ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැතිවීම සහ හඳුනාගනු ලබන මාර්ගය ප්‍රයෝජනයට ගනු ලබන පවුල් සංඛ්‍යාව,මාර්ගය භාවිත කරමින් අධ්‍යාපන, වෛද්‍ය ,වෙළඳපොල වැනි පහසුකම් සඳහා ප්‍රවේශවීමට ඇති හැකියාව වැනි කරුණු පදනම් කරගනිමින් සකස් කරගනු ලබන නිර්ණායක යොදා ගනිමින් සංවර්ධනය කළ යුතු මාර්ග හඳුනාගෙන ඇත.

    නොසලකා හැර හෝ අතහැර තිබෙන කිලෝමිටර් ලක්ෂයක් (100,000) මේ වසර තුළ දි ප්‍රතිසංස්කරණය කර නිම කිරීම සහා කැබිනට් අනුමැතිය ඇතැයි කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව,කුවේට් අරමුදල,සවුදි අරමුදල වැනි ණය ආධාර ලබා ගැනීමෙන් සිදු කිරීමට නියමිත බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya