අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවක් නෑ - රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ

    පෙබරවාරි 05, 2020

    කිසිදු අවස්ථාවක විදුලිය කප්පාදු නොකරන බව විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(05) එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

    පසුගිය පෙබරවාරි මස 03 වන දින ඇතැම් ප්‍රදේශ වල සිදුවූ හදිසි විදුලි කප්පාදුව නීති විරෝධි කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පරීක්ෂණයක් විශේෂ කමිටුවක් මගින් පවත්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    ඉන්ධන නොමැති බව පවසමින් මෙසේ හදිසි විදුලි කප්පාදුවක් සිදු කලද එදින කැරවලපිටිය විදුලි බලාගාරයේ තෙල් ටොන් 1500ක් තිබී ඇති බවත් මෙසේ ඉන්ධන තිබියදී අමාත්‍යංශයේ අවසරයකින් හෝ තොරව විදුලිය කප්පාදු කිරීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා  සඳහන් කළේය.

     

    විදිලිබල මණ්ඩලය සහ ඛනිජතෙල් සංස්ථාව යන ආයතන දෙක වෙනම ආයතන වශයෙන් පවතිද්දී පවා මුදල් ගෙවීමකින් තොරව වුවද අඛණ්ඩව විදුලිය සැපයූ බවත් දැන් එම ආයතන දෙකම එකම අමාත්‍යංශයක් යටතේ පවතිද්දී කිසි සේත්ම විදුලිය කප්පාදු කල නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.

     

    පසුගිය රජය සමයේ 2018 වසරේ සිට 2019 වසර දක්වා විදුලිබල මණ්ඩලය බැංකු සහ පෞද්ගලික විදුලිබලාගාර වලින් ගත් ණය මුදල් කිසිවක් ගෙවා නැති බවත් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල්ද විදුලි මණ්ඩලය විසින් ගෙවා නැත.

    එහෙත් ඉදිරියේදී සියලුම ණය වාරික නිසි පරිදි ගෙවන බවත් පසුගිය රජය විසින් වෙනත් ව්‍යාපෘතින් සඳහා අත්තනෝමතික ලෙස මුදල් භාවතා කළ බැවින් විදුලිබල මණ්ඩලය මෙවැනි අර්බුදයකට ලක්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya