මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධින මැතිවරණය නිරික්ෂණයක් ලබා දිමට පියවර ගන්නවා-ජාත්‍යන්තර මැතිවරණ නිරික්ෂණ කණ්ඩායම් කියයි

    නොවැම්බර් 16, 2019

    ශ්‍රි ලංකාවේ 7 වන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමේ ඡන්ද විමසීමට අදාළව ස්වාධින මැතිවරණ නිරික්ෂණයක් ලබා දිමට තම කණ්ඩායම බලාපොරොත්තු වන  බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මැතිවරණ නිරික්ෂණ කණ්ඩායමේ සාමාජික දකුණු අප්‍රිකාවේ මානව හිමිකම්  සංගමයේ විධායක අධ්‍යක්ෂ හනීෆ් මොහොමඩ් වැලී (Hanif Mohammad Vally ) මහතා පවසයි.

    ජනාධිපතිවරණයේ සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනාවකට අනුව පැමිණි මෙම පිරිසට ඉන්දුනීසියාව,ඉන්දියාව,දකුණු අප්‍රිකාව,මාලදිවයින,හා බෘනයි යන රටවල් අයත් වේ. 14 දිනයේ දී ඔවුහු කොළඔ,ගම්පහ,හම්බන්තොට,යාපනය,වව්නියාව, මඩකළපුව,අම්පාර,ත්‍රිකුණාමලය,කුරුණෑගල, පුත්තලම,මොණරාගල  යන දිස්ත්‍රික්ක වල නිරික්ෂණකටයුතුවලට එක් විණි.එමෙන් ම ඊයේ දින ( 15 ) ඡන්දපොළ වලට ගොස් එක් එක් ඡන්දපොළවල් සකස් කර ඇති ආකාරය නිරික්ෂණයක් ද සිදු විය.මිට අමතරව, මැතිවරණ දිනයේ දි එනම් අද දින ඡන්ද මධ්‍යස්ථානවල නිරික්ෂණ කටයුතු වල නිරතවීමට නියමිතය. එසේ ම 2019 නොවැම්බර් 17 වන දින මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කිරිමට ද ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් බලාපොරොත්තු වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya