මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ කාලසිමාව තුළ ක්‍රියාත්මක වන විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක්

    නොවැම්බර් 15, 2019

    ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරේ.

    ජනාධිපතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සදහා විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් 2019.11.14 දින සිට 2019.11.19 දින දක්වා ස්ථාපිත කර ක්‍රියාත්මක කරමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාරකණ සහ පශු සම්පත් අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයයෙන්  ආපදා කළමනාකරණ මධ්‍යස්ධානය තුළ මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර ඇත.

    මැතිවරණ කාල සීමාව තුළ යම් ආපදාතත්වයක් නිසා මැතිවරණයට බාධාවක් වේ නම් හෝ යම් එවැනි ආපදා තත්වයක් හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයේ 0702 117 117 / 0113 668 032 / 0113 668 028 / 0113 668 029 / 0113 668 030 යන දුර කථන අංක වෙත හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් ඇමතුම් අංක 117  වෙත දැනුම් දෙන මෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya