අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඌණ සංවර්ධිත ප්‍රදේශයන්හි සංවර්ධන කාර්ය වේගවත් කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ සහයෝගයක් ගන්නවා- අගමැති

    නොවැම්බර් 05, 2019

    ඌණ සංවර්ධිත ප්‍රදේශයන්හි සංවර්ධන කාර්ය වේගවත් කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ සහයෝගයක් ලබාගැනීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    වව්නියාව, සංස්කෘතික මධ්‍යස්ථාන ශාලාවේදී තරුණ කාන්තා හමුවකට සහ ව්‍යාපාරික හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

     යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර පළාත් මෙන්ම මොණරාගල දිසාව ද පවතින්නේ ඌණ සංවර්ධිතව බැවින් ඒ ප්‍රදේශයන්හි සංවර්ධන කාර්ය වේගවත් කරලීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් විශේෂ සහයෝගයක් ලබාගැනීමට ක්‍රියා කරන බව එහිදී අග්‍රාමාත්‍යවරයා කීය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

    "උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අපි ළඟදී විවෘත කළා. එමගින් උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරක, හෝටල් සහ අනෙකුත් ක්ෂේත්‍ර සංවර්ධනය වෙනවා. ඒ හරහා උතුරේ විශාල ආයෝජනයක් සිදු වෙනවා. මෙමගින් උතුරේ ජනතාවට රැකියා අවස්ථා රැසක් ඇති වන බව කිව යුතුයි.

    තවද මන්නාරම, පුනරීන් සහ වඩමරාච්චි යන ප්‍රදේශවල අපි අලූතෙන් ආර්ථික කලාප ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් නිලාවෙලි සිට උතුරු පළාත දක්වා තිබෙන මුහුදු වෙරළ අපි සංවර්ධනය කරනවා. මේ සියල්ල සිදු වනවිට වව්නියාව එම සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව සඳහන් කරන්න කැමැතියි. තවද අපේ බලාපොරොත්තුව වී තිබෙන්නේ මෙම සංවර්ධන වැඩපිළිවෙළ ඔස්සේ උතුර සහ නැගෙනහිර ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ දැමීමටයි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්‍ෂ වව්නියාව සංවිධායිකා ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya