අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගමැති නවසීලන්ත අධිකරණ ඇමති ඇතුළු දූත පිරිස හමුවෙයි

    නොවැම්බර් 05, 2019

    ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත අධිකරණ අමාත්‍ය ඇන්ඩෲ ලිට්ල් (Hon. Andrew Little) මහතා ප්‍රමුඛ දූත පිරිස (04) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වූහ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නවසීලන්ත අධිකරණ අමාත්‍යවරයාගේ දූත පිරිස නියෝජනය කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලයේ නවසීලන්ත මහකොමසාරිස් ජොආනා කෙම්ප්කර්ස් (HE Joanna Kempkers), අමාත්‍ය උපදේශක බෙන් ලෝන්ග්හස්ට් (Mr. Ben Longhurst), අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් කැරී ගේජ් (Mrs. Carrie Gage), යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya