අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙරොයින් කිලෝ 224 ක්- බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 07 ක් නාවික හමුදා අත්අඩංගුවට

    නොවැම්බර් 04, 2019

    මත්කුඩු සම්බන්ධව පසුගිය සතියේ නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාවේ නිරීක්ෂණයට ලක් කළ අතර පසුගිය නොවැම්බර් (02) දා මෙම මත්කුඩු සම්බන්ධ සැකකරුවන් හත්දෙනා දකුණු මුහුදු තිරයේ දී අත්අඩංගුවට පත්ව ඇත.

     ඒ අනුව, සැකකරුවන් පස්දෙනකු එදින අත්අඩංගුවට පත්ව ඇති අතර පසුව මෙම මත්කුඩු ගොඩබිමට ගෙනයාමට පැමිණි තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වී ඇත. නාවික හමුදාව විසින් ඔවුන්පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇති අතර අත්අඩංගුවට පත් වන විට ඔවුන් සතුව තිබු හෙරොයින් කිලෝ 224 කුත් ග්‍රෑම් 166 ක් වන මත් කුඩු වල වටිනාකම රුපියල් එක්කෝටි දෙසීයකට වැඩි වටිනාකමකින් යුතු වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා අද (04) ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානයේ පැවතී විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේය.


    මෙම මත්කුඩු පකිස්ථානයෙන් ගෙන්වන්නට ඇති සැක කරන බවත්, මෙම කුඩු මෙරටට ගෙන්වන්නට කටයුතු සිදු කළ පුද්ගලයින් තිදෙනකු පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම මාධ්‍ය හමුවට එක් වෙමින් ප්‍රකාශ කරන ලදී.


    අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හත් දෙනා වයස අවුරුදු 32 සහ 52 අතර වයස් ඛාණ්ඩ වලට අයත් පුද්ගලයින් බවත් ඔවුන් මාරවිල, හලාවත, සහ කොච්චිකඩේ ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් බවත් පොලිස් පරීක්ෂණ වලින් සනාථ කරගෙන ඇති බවත්, ඔවුන් සතුව තිබූ සැටලයිට් දුරකථනයක්, ජංගම දුරකථන 07 ක්, ඝ්ඵ්S යන්ත්‍ර 03 ක් ද සොයා ගැනීමට හැකි වූ බව රුවන් ගුණසේකර මහතා පැවසිය. එමෙන්ම, මොවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ඉල්ලා සිටීමට කටයුතු කරන බව මෙහි දී සඳහන් විය.


    වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම මත්කුඩු තොගය රජයේ රස පරීක්ෂක වෙත යැවීමට නියමිතයි. ඒ අනුව, මෙම වසරේ පමණක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මුළු හෙරොයින් ප්‍රමාණය කිලෝ 1638 ක් සහ ග්‍රෑම් 394 ක් වන බවත්, ඒ සම්බන්ධ සැකකරුවන් 35,702 ක් වන බවත් මෙහි දී අනාවරණය විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya