අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ දී ''තාක්ෂණ උද්‍යානය'' සිසු අයිතියට

    නොවැම්බර් 04, 2019

    විද්‍යා පර්යේෂණ සහ තාක්ෂණ අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව ග්‍රහලෝකාගාර පරිශ්‍රයේ ඉදිකෙරුණු නව ''තාක්ෂණ උද්‍යානය'' අද දින (04) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සිසු අයිතියට පත් කෙරේ.

    කීර්තිමත් ඉංජිනේරු දේශබන්දු, විද්‍යා ජෝති ආචාර්ය ඒ. එන්.එස්. කුලසිංහ මැතිතුමාගේ ඡන්ම ශත සංවත්සරය නිමිත්තෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබ‍ඳ මධ්‍යම උපදේශන කාර්යාංශය සහ ඉංජිනේරු සේවා පෞද්ගලික සමාගම එක්ව මෙම තාක්ෂණ උද්‍යානයේ ඉදි කිරීම් කටයුතු සිදු කරන ලදී.

    මෙම තාක්ෂණ උද්‍යානය සැටරින් රොකට් ආකෘතිය, රෝලර් කෝස්ටරය, පරික්ෂය, නළ සමතුලිත කිරීම, මුමුණන තැටි, දර්පණ ආචරණය, දෝංකාර නළය, ද්විත්ව කේතුව, ඇණ පුටුව, භ්‍රමණ පුටුව, කප්පි හා කෝණික ගම්‍යතාව නිරූපණය යන අංග රැසකින් සමන්විත වේ.

    දැයේ දූ දරුවන්ගේ විද්‍යා දැනුම ඉහළ නැංවීම මෙන්ම සිසුන්ට අවශ්‍ය මුලික විද්‍යා මූලධර්ම පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙහිදී අපේක්ෂා කෙරෙන බව ඉංජිනේරුමය කාර්යයන් පිළිබ‍ඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී තුෂාර වික්‍රමරත්න මහතා රජයේ නිල වෙබ් අඩවිය කළ විමසුමක දී පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya