අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අවසන් අදියරේ

    නොවැම්බර් 04, 2019

    ජනාධිපතිවරණය ඡන්ද විමසීම සඳහා අවශ්‍ය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද වන විට 75% පමණ අවසන් වී පවතින බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.

    නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඔක්තෝබර් මස 26 වන දා සිට තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී. මෙම නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් වශයෙන් ඊයේ (03) දිනයේ ද බෙදා හැරීමේ කටයුතු සිදු විය.

    සියලුම නිල ඡන්ද පත්‍රිකා ජනතාව වෙත බෙදා හැරීම නොවැම්බර් මස 09 වනදා වන විට බෙදා හැර අවසන් කිරීම බලාපොරොත්තු වන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
    යම් ලෙසකින් නිල ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඡන්ද දායකයෙක් වේ නම්, ඔහුට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් තම අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද පත්‍රිකාව ලබා ගත හැකි බව රංජිත් මහතා මහජනතාව වෙත දැනුම්  දැනුම් දුන්නේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya