අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු නාවික හමුදා බාරයට

    නොවැම්බර් 04, 2019

    නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් දසදෙනෙකු (10) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 02  ක් නොවැම්බර්(  02) නාවික හමුදා බාරයට ගෙන ඇත.

    උතුරු නාවික විධානය මඟින් ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටියදී මොවුන් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන ඇත. ඒ අනුව, නාවික හමුදා බාරයට ගත් ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙතත්, ධීවරයින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනය වෙතත් රැගෙන ඒමට කටයුතු කරන ලදී.

     එහිදී එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya