අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දයේ තෙවැනි දිනය අද- තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි අයට ලබන 07 ඡන්දය සළකුණු කිරිමට අවස්ථාව

    නොවැම්බර් 04, 2019

    2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (4) දිනයේ ද සිදු කෙරේ.

    2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමපසුගිය (30) සහ (නොවැම්බර් 01) දෙදින තුළ අදාළ සේවා ස්ථානවල දී පැවැත්විණි.

    තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථානවලට ආරක්‍ෂාව සැපයීමට හා අධීක්‍ෂණය කිරීම සඳහා නිලධාරීන් යෙදවීමට සිදු වූ  හෙයින්, සියලූම පොලිස් ස්ථානවල හා සියලූම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්ද සළකුණු කිරීම (නොවැම්බර්  04) අද සහ හෙට ( 05) දිනයේ සිදුකිරීමට නියමිතය.

    අදාළ දිනයන් හි දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 07 වනදා තැපැල් ඡන්දය  සළකුණු කිරිම හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

     ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත්කරන  ලද තාවකාලික හැඳුනුම්පත යන පිළිගන්නා වූ හැඳුනුම්පතක් සියලුම තැපැල් ඡන්ද දායකයින් විසින් භාවිතා කළ යුතු  බව මැතිවරණ කොමිෂන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කර සිටියි.

    ඒ අනුව, ඉහත සඳහන් කිසිඳු හැඳුනුම්පතක් හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වන රාජකාරි හැඳුනුම්පත හෝ  නොමැති කිසිවෙකුට තම අනන්‍යතාවය සනාථ කළ නොහැකි බැවින් තැපෑලෙන් ඡන්ද ප්‍රකාශ කිරීමේ දී වුව ද  ඡන්දදායකයෙකු ලෙස සලකා කටයුතු නොකළ යුතු බවත්, රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා  පිළිගනු ලැබුව ද පසුගිය ඡන්ද විමසීම් වලින් පසුව ඒ සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම  ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්දදායකයෙකු රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නම් එම තැපැල් ඡන්දදායකයා  හඳුනාගැනීම හෙවත් අනන්‍යතාවය පරික්ෂා කිරීම, සහතික කිරීමේ නිළධාරී කාර්යයාල වල කටයුතු අධීක්ෂණයට  තේරීම්භාර නිළධාරීන් විසින් පත්කොට ඇති නිළධරයා විසින් සිදු කළ යුතු වන බවත්, එසේ නොවන අවස්ථාවල  රාජකාරි හැඳුනුම්පතට තැපැල් ඡන්ද පත්‍රිකාව සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා නොදිය යුතු බවත්, තැපැල් ඡන්ද  නිරීක්ෂණ කටයුතු සඳහා යොදවන සහකාර තේරීම්භාර නිළධාරීන්/ වෙනත් නිළධාරීන් මඟින් තැපැල් ඡන්ද කටයුතු  ආරම්භ කිරීමට පෙර සහතික කිරීමේ නිළධාරීන් දැනුවත් කිරීමට පියවර ගත යුතු බවත් නිවේදනයෙන් කියැවෙයි.

     

    එමෙන් ම තැපැල් ඡන්දය පැවැත්වෙන සේවා ස්ථාන තුළ කිසිදු ආකරයක ඡායාරූපගත කිරීමක් හෝ වීඩියෝ ගත කිරීමක් සිදු කිරීමට අවසර නොමැති අතර එය කිසි ලෙසකින් සමාජ ජාල වෙත මුදා හැරීම සිදු නොකළ යුතු බවද එය නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya