මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය නගර ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අගමැති සුරතින්-යාපනය අර්ධද්වීපය මහානගරයක් කිරීමට පියවර

    සැප්තැම්බර් 08, 2019

    විධිමත් සැළසුමකට අනුව යාපනය අර්ධද්වීපය මහානගරයක් බවට පත්කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඒ මහනගර අමාත්‍යාංශයේ සුඛිත පුරවර වැඩසටහන යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණයෙන්, යාපනය නගර සභාවේ දායකත්වයෙන් යාපනය නගර ශාලා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ හා මහනගර ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් උතුරු පාළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන්, රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මැතිනිය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා, යාපනය නගරාධිපති ඉමෑනුවෙල් ආනල්ඩ් යන මහත්වරුන්ද යාපනය දිස්ත‍්‍රික් ලේකම්, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.


    2018 වර්ෂයේ සිට යාපනය නගරය උපායමාර්ගික නගරයක් ලෙස සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන බවත් නාගරික සංවර්ධන අධිකාරිය යාපනය අවට සියලු උප නගර සැළසුම්සහගතව සංවර්ධනය කරමින් සිටින අතර ප‍්‍රධාන බස්නැවතුම්පොළ, වාණිජ සංකීර්ණය, පැරණි කච්චේරි ගොඩනැගිල්ල ඇතුලු සංවර්ධන කටයුතු කඩිනමින් සිදුකරන අතර මෙම නගරශාලාව සමග විධිමත් නාගරික ව්‍යූහයක් යාපනය නගරසභාවට ලැබේවි යැයි අප විශ්වාස කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya