මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදී ගම රැකුමට සංවිධානයක්

    සැප්තැම්බර් 08, 2019

    දිවයිනේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම ආවරණය වන පරිදී ගම රැකුම සංවිධානයන් පිහිටුවීමට කටයුතු කරන බව ගමරැකුම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි මහතා පවසයි.

    ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සදහා සහයවීමේ අරමුණින් ගම රැකුම නමින් මෙම ග්‍රාමීය ආරක්ෂක සංවිධාන ජාලය ස්ථාපිත කෙරේ. ගමේ ප්‍රජාවගේ ආරක්ෂාව මෙන්ම සමාජ, ආර්ථික හා සංස්කෘතික ප්‍රගමනය උදෙසා පුළුල් අරමුණකින් යුතුව පිහිටුවනු ලබන මෙම සංවිධානය සදහා නෛතික වටිනාකමක්ද ලබාදීමට නියමිතය.

    ගමේ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි , පවුල් සෞඛ්‍ය සේවිකාවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින්, මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති, ගොවි සංවිධාන, ඇතුළු ගමේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයන්,
    පොලිස් නිලධාරින්, විදුහල්පතිවරුන් ඇතුළු ආගමික නායකත්වයෙන් සමන්විත විසි දෙදෙනෙකුගෙන් යුත් සාමාජික පිරිසක් මෙම කමිටුවට ඇතුළත් වේ.

    කමිටුව මගින් ගමේ ප්‍රජාව සම්බන්ධයෙන් තොරතුරු පද්ධතියක් පවත්වාගෙන යෑම, ගමේ ප්‍රජාව හා ආරක්ෂක අංශ අතර සම්බන්ධීකාරක සංවිධානයක් වශයෙන් කටයුතු කිරීම, ගමට පැමිණෙන ආගන්තුකයන් සම්බන්ධයෙන් අවදානයෙන් සීටීම, ගමේ සමගිය සහජීවනය හා සහෝදරත්වය ඇතිවන පරිදි කටයුතු කිරීම, ගමේ ආර්ථික සමාජික හා සංස්කෘතික ප්‍රගමනය උදෙසා කටයුතු කිරීම ඇතුළු අරමුණු රැසක් ගම රැකුම සංවිධනය වෙත පැවරෙන බව ගම රැකුම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පද්මසිරි මහතා පැවසීය. අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පලකළේ ගම රැකුම සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් ගාන්ධි ශාලාවේදී පැවති මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරින් දැනුවත් කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි.

    DMUMatale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya