මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛනවලට ජනපති අත්සන් තබයි

    සැප්තැම්බර් 07, 2019

    මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපිලේඛනවලට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   අත්සන් තැබී ය.

    අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

    හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරු ව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපි ලේඛන සහතික කරනු ලැබීය.

    විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya