අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායි අගමැති දෙදින නිල සංචාරයක් සඳහා අද ශ්‍රි ලංකාවට

    ජූලි 12, 2018

     

    තායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලී මස 12 වැනි අද දින ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිතය.

    බැංකොක් හි සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණෙන තායි අග්‍රාමත්‍යවරයා, එදින පස්වරු 5ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ දි පිළි ගැනිමෙන් පසු කොළඔ පලා පෙරහැරකින් කැඳවාගෙන යනු ඇත.

    එදින පසුවරු 6ට කොටුවේ ජනාධිපති කාර්යාලයේ දි තායි අග්‍රාමාත්‍ය වරයා වෙනුවෙන් නිල පිළිගැනිමේ උත්සවයකින් සංවිධානය කොට ඇති අතර ඒ වෙනුවෙන් හමුදා ආචාර පෙළපාළියක් හා ආචාර වෙඩි මුර 19ක් ද පැවැත්වේ.

    අනතුරුව ජනරාල් ප්‍රායුම් චාන් ඕ චා මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශවික සකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දි  පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව තායිලන්තය සහ ශ්‍රි ලංකාව අතර අවබෝධතා ගිවිසුමතට අත්සන්
    තැබේ.

    ජුලී 13 දා පෙරවරුවේ තායි අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද සාකච්ඡා කරනු ඇත. ඉන් අනතුරුව මහනුවර බලා යන තායි අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස ජේරාදෙණිය උද්භිද උද්‍යානය,ගන්නෝරුව කාෂිකර්ම ආයතනය නැරඹීමට ද යන අතර ඉන් පසු මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් පැහැදැක ශ්‍රි දළඳා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනිමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya