නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෞද්ධ පතපොත නියාමනයට පියවර - බුද්ධ ශාසන ඇමැති

    ජූලි 11, 2018

    බෞද්ධාගම සහ බුද්ධ ධර්මය විකෘති කරමින් පතපොත පළ කිරීම වැළැක්වීම සඳහා බෞද්ධ පොත් ප්‍රකශන අදිය නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ළඟදීම සකස් කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා
    මහතා පවසයි.

    මෑතකදී පළ වී ඇති සමහර බෞද්ධ පොතපත මඟින් බුද්ධාගම පිළිබඳ විකෘති කරන ලද වැරදි අඳහස් ලැබී ඇති බවත් ඒ අනුව මහනා හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පරිදි මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන්
    කළේ,ඊයේ (10)බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පැවැති මධ්‍ය හමුවේ දී ය.

    බෞද්ධ විහාර දේවාල ගම් පනත සංශෝධනය කෙරේ. පොහොය දිනවල උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සහ ඉරිදා දිනවල පස්වරු දෙකෙන් පසු උපකාරක පන්ති පැවැත්වීමට අවසර දීම පිළිබඳ පළාත් අමාත්‍යවරු සමඟ සාකච්ඡා කොට ක්‍රියාමර්ග ගන්නා බවද භික්ෂු කථිකාවත ලියාපදිංචි කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya