නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දෙගොඩ මහතා පත්කරයි

    ජූලි 09, 2018
     
    පාරිභෝගික අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතා පත්කර ඇත.
    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර මැද්දෙගොඩ මහතා වසර 37 ක් නීති ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත පළපුරුදු නිලධාරියෙකි.
     
    නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 20 ක් සේවය කර ඇති ඔහු තවත් වසර 10 ක් නෙදර්ලන්තයේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නීති උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත.
    පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස රාජකාරීකටයුතු භාරගනිමින් අනුර මැද්දෙගොඩ මහතා, පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කරමින් පාරිභෝගිකයින් වෙනුවෙන් සේවය කිරීමට පාරිභෝගික අධිකාරිය මෙහෙයවන බව පැවසීය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya