දේශපාලන පලිගැනීම්වලට ලක් වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් වෘත්තීය සමිති කීපයක් අද ක්‍රියාත්මක කර තිබෙන ලෙස නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්
අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.
රාජ්‍ය අමාත්‍යවරයා අද (04) උදැසන කළුතර දිස්ත්‍රික්කයේ පාසල් කීපයක් නිරීක්ෂණය කිරීමට එක්ව සිටියේ ය. එම නිරීක්ෂණයෙන් අනතුරුව තවදුරටත් අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලයේ සම්පූර්ණ ගුරුවරුන්ගේ සංඛ්‍යාව 119යි.අද ගුරුවරුන්ගේ පැමිණීම 110යි. ළමයි සාමාන්‍ය ආකාරයටම පැමිණ තිබෙනවා. පන්තිවලට ළමයි පැමිණීම සියයට 95%ක්.
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ විශාල පිරිසක් සිටියා.එම පළිගැනීම්වලට ලක් වූ පිරිසට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් මුලින් ම පරික්ෂා කරලා,අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා,රාජ්‍ය සේවා කොමිෂමත් අනුමත කරලා තිබෙනවා. බඳවාගන්නේ සුදුසුකම් සහිත අයයි. දේශපාලන වශයෙන් පලිගත් නිසයි සහන ලබාදී තිබෙන්නේ.කාලයක් ගත කර සිදුකළ සාධාරණ ක්‍රියාවලියක්.
අධ්‍යාපන වෘත්තීය ප්‍රජාව මෙම විරෝධතාවයට එක්වන්නේ නෑ කියන එක පැහැදිළියි, මේ වර්ජනය අසාර්ථක වී තිබෙන නිසා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.