මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුරු වැඩවර්ජනය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි - අධ්‍යාපන ඇමැති අකිල විරාජ්

    ජූලි 04, 2018

    අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්, විදුහල්පති, ගුරුසේවයේ නිලධාරීන් අද (04) දින ක්‍රියාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන් අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට අද (04) පැවසීය.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම පාසල් සාමාන්‍ය පරිදි අද (04) දින ක්‍රියාත්මක වන බවයි.

    නිලධාරීන්ගේ දැඩි බලෑමට ලක්වීම හේතුවෙන් ස්ථාන කිහිපයක ගුරුවරුන්ගේ සුළු අඩුවීමක් තිබුණ ද පාසල්වලට සිසුන් පැමිණීමේ හෝ ගුරුවරුන්ගේ පැමිණීමේ ප්‍රතිශතයේ  අඩුවීමක් දක්නට නැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    දේශපාලන පළිගැනීමට ලක්වූවන්ට සහන සැලසීම හේතු කරගෙන මෙම වෘත්තීය සමිති වැඩවර්ජනය කිරීමට කටයුතු කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya