නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධනය උදෙසා මිචිගන් විශ්වවිද්‍යාලයේ සහයෝගය

    ජූලි 04, 2018
    ශ්‍රී ලංකාවේ කෘෂි අංශයේ සිදු කෙරෙන පර්යේෂණ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකන් එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයේ සහයෝගය පල වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මීට අදාල අවබෝධතා ගිවිසුමට ( The MOU for the General International for technological cooperation ) අත්සන් තැබීම පසුගියදා මිචිගන් විශ්වවිද්‍යාලයේ දී සිදු කෙරුණු අතර එම ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂි පර්යේෂණ සභාවේ ජෙරී ජයවර්ධන මහත්වරුද, මිචිගන් විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි කෘෂිකාර්මික හා ස්වභාවික සම්පත් අධ්‍යයන අංශයේ පීඨාධීපති රොනල්ඩ් එල් හෙන්ඩ්‍රික් Ronald.L. Hendrick සහ ජාත්‍යන්තර අධ්‍යයන සහ ව්‍යාපෘති අංශයේ පීඨාධීපති ස්ටිවන් ඩී හැන්සන් Steven D. Hansen මහතාත් අත්සන් කළහ.
     
    මෙම ගිවිසුම යටතේ කොළඹ, පේරාදෙනිය, යාපනය සහ කැළණිය විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පර්යේෂණවලට අදාලව  පර්යේෂණ සඳහා පහසුකම් ලැබෙන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ කටයුතු කරන පැළ තවාන්කරුවන් සඳහා පැළ තවාන් කිරීමේ පර්යේෂණ විධිමත් කිරීමටත් පියවර ගත හැකි බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
     
    මෙම ගිවිසුම තුළින් කෘෂි ක්ෂේත්‍රයේ පර්යේෂණ, ප්‍රකාශන සහ අධ්‍යයන තොරතුරු හුවමාරු කර ගැනීම, අධ්‍යයන පීඨ සහ ශීෂ්‍යත්වලාභීන් හුවමාරු කර ගැනීම ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීම සහ තාක්ෂණික සහයෝගීතාව ලබා දීම සිදු කෙරේ.
     
    ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල මෙන්ම කෘෂි පර්යේෂණ ආයතන වල සිදු කෙරෙන පර්යේෂණ සංවර්ධනය උදෙසා මිචිගන් විශ්වවිද්‍යාලයේ පූර්ණ සහාය පල කරන බව අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පීඨාධීපති රොනල්ඩ් එල් හෙන්ඩ්‍රික් මහතා ප්‍රකාශ කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya