එහිදී ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සතු ඉඩම්වල ජනතාව මුහුණපා ඇති ගැටලු නිරාකරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම අවස්ථාවට ඉඩම් කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.