නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලපිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට

    ජූනි 30, 2018

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්විමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද( 30 වන සෙනසුරාදා) දින සිදු කිරීමට නියමිතය.


    ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 60 ක වියදමකින් ඉදිකළ බ්‍රාහ්මණවත්ත උතුර, කදිරගොන්න, වතුරවෙල යන නිල සෙවණ කාර්යාල ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා ඇත.

    මෙම එක් නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරන ලද මුදල රුපියල් ලක්ෂ 20 කි. 2020 අවසානය වනවිට ''නිල සෙවණ''කාර්යාල 14,000ක් ඉදිකිරීමට නියමිත ඇති අතර ඒ මගින් කාර්යක්ෂම, විශ්වසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙන යාම සඳහා අවස්ථාවක් ලැබෙනු ඇත.


    මෙම කාර්යාල ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී යන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිතයට යොදා ගත හැකි ලෙස ඉදිකර ඇත.

    මෙයට සමගාමීව රුපියල් ලක්ෂ 325 ක වියදමකින් ඉදිකළ කටුවිල ජී.පී.ද සිල්වා මාවත මාර්ගය, රුපියල් ලක්ෂ 245 ක වියදමකින් ඉදිකළ කොස්ගොඩ හතරමං හන්දිය සිට ගොඩගම හරහා පස්මංහන්දිය දක්වා මාර්ගය, රුපියල් ලක්ෂ 89 ක වියදමකින් ඉදිකළ කැපු ඇළ හරස් මාර්ගය සහ රුපියල් ලක්ෂ 89 ක වියදමකින් ඉදිකළ වතුගෙදර සීනිගොඩ කාපට් මාර්ගය ජනතා අයිතියට පත් කිරීම ද එදින
    සිදු කිරීමට සැලසුම්කර ඇත.

    මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු සහ පළාත් සභා මැති ඇමතිවරු සහභාගී විමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya