නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් අවසන් - ආගමන හා විගමන පාලක ජනරාල්

    ජූනි 28, 2018

    දැනට පවතින සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍රවල හිඟය මාස දෙකකින් මඟහැරෙනු ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි.

    පෙරේ දා (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මහතා සියලුම රටවල් සඳහා වූ විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 10ක් අලුතෙන් ඇනවුම් කළ යුතු බවට ඉදිරි
    පත් කළ යෝජනාව අනුව නව විදේශ ගමන් බලපත්‍ර ඇනවුම් කිරීම සඳහා වන කටයුතු අද (28) ආරම්භ කළ බවද රණසිංහ මහතා  කීය.

    එම ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට''සියලුම රටවල් සඳහා'' යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බවද රජයේ නිලපුවත් වෙබ් අඩවිය කළ විමසීමක දී පිළිතුරු ලබාදෙමින් ආගම්න හ විගමන පාලක ජනරාල්වරය පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya