නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන්නි දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 20 කට විහාර සංවර්ධනයට මූල්‍යධාර

    ජූනි 28, 2018

    වන්නි දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථාන 20 ක් තිබෙන බවත්, එකී විහාරස්ථාන රැක බලාගැනීම ප්‍රෙද්ශයේ මහජන නියෝජිතයා වශයෙන් තමාගේ වගකීමක් වන බවත්, එම නිසාම ගෙවීගිය වසර ගණනාව තුළ තමන් එම විහාස්ථාන සංවර්ධනය සදහා තම පෞද්ගලික ධනය පරිත්‍යාග කළබවත්, මීට අමතරව මිලියන ගණනාවක් පන්සල් සංවර්ධනය සදහා රජය මගින් ලබාදී තිබෙන බවත්, ඉදිරියටද බෞද්ධ විහාස්ථාන සංවර්ධනය සදහා උපරිම අන්දමින් සහයෝගය දක්වන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා  වව්නියාවේ ශ්‍රි බෝධිදක්ෂිණාරාම විහාරස්ථානයේ පැවති වන්නි දිස්ත්‍රික්කයේ තිබෙන බෞද්ධ විහාරස්ථාන 20 හි  සංවර්ධන කටයුතු සදහා මූල්‍යමය පරිත්‍යාග, ජලපෙරණ යන්ත්‍ර හා පූජා භාණ්ඩ පිරිකර ඇතුඑ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ උළෙලේදීය. මෙම උළෙල වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදිදුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

    අමාත්‍ය රිෂාඩ් බදිදුදීන් මහතා වාර්ෂිකව සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම පිංකම නොකඩවාම කරගෙන එනු ලබන්නකි.

    මෙහිදි වන්නි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිබෙන විහාරස්ථාන 14 හා වැලිඔය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවතින විහාරස්ථාන 06 ට මෙම පරිත්‍යාගයන් අමාත්‍යවරයා අතින් සිදුකෙරැණි. මෙහිදී අදාළ විහාරස්ථාන නියෝජනය කරමින් විහාරාධිපති ස්වාමීන්වහන්සේලා හා විහාරාධිකාරි ස්වාමින්වහන්සේලා විසින් මෙම මූල්‍ය පරිත්‍යාග හා ජල පෙරණ යන්ත්‍ර ඇතුඑ පූජාභාණ්ඩ හා පිරිකර භාරගනු ලැබීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ ද පැවසීය.

    -වන්නි දිස්ත්‍රික්කයේ අපේ නායක ස්වාමීන්වහන්සේලා හරිම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. උන් වහන්සේලා යුද්ධ සමයේදී පවා මෙම විහාස්ථාන හා ජනතාව අතහැර යන්නේ නැතිව මේ පදේශ වල ජීවත්වුණා. අපේ මේ නායක ස්වාමීන්වහන්සේලා හා පන්සල් අපි රැක ගන්න ඕන. මම වන්නි දිස්ත්‍රික් මහජන නියෝජිතයා වශයෙන් මේ ප්‍රෙද්ශයේ තියෙන විහාරස්ථාන 20 ටම හැම විටම සහයෝගය ලබාදෙනවා. ඒක මගේ යුතුකමක් ලෙසයි සළකන්නේ. ඒවගේම මම ඒ නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මේ ප්‍රෙද්ශයේ ජීවත්වන ජනතාවට සේවය ලබාදෙනවා. ඒ වගේම මගේ දිස්ත්‍රික්කයේ පන්සල් දියුණු කරන්න ඒවාට අවශ්‍ය ධර්මශාලා, සංඝාවාස, දහම් පාසැල් ගොඩනැගිලි, දාන ශාලා, පුස්තකාල, බෝධිමලු ආදිය ඉදිකරන්න මම උදව් කරනවා. ඒවාට අවශ්‍ය මුදල් මම පරිත්‍යාග ලෙසත්, රජයෙනුත් ලබාදෙනවා. ඒවගේම අපේ නායකහිමිපානන්වහන්සේලා මෙම ප්‍රෙද්ශයට විශාල සේවයක් කරනවා. ඒනිසා අපි උන්වහන්සේලාට හැමවිටම උදව් උපකාර ලබා දෙනවා. මම ඉදිරියටත් මෙම පන්සල් සංවර්ධනය සදහා රජය මගින් මුදල් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මේ විදියට අපි ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉතා ඉක්මණින්ම තම විහාරස්ථාන වල ගොඩනැගිලි  ඉදිකරගන්න පියවර ගන්නා මෙන් මම ගරැතර නායකහිමිපාණන්වහන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.- යැයි පැවසීය.

    මෙහිදී විහාස්ථාන හා නායකහිමිපාණන්වහන්සේලා වෙනුවෙන් අදහස් දක්වමින් කතාකළ වැලිඔය මොනරව මයුරවිහාරයේ විහාරාධිපති ගරැ පූජ්‍ය රනවන ධම්මින්ද නාහිමි මෙසේ පැවසූහ.

    -අද විතරක් නෙවෙයි රිෂාඩ් ඇමතිතුමා මේ ප්‍රෙද්ශයට ආව දවසේ සිටම අපේ වෙහෙර විහාරවල සංවර්ධනයට උදව් උපකාර කරලා තියෙනවා. එතුමාගේ පුද්ගලික ධනපරිත්‍යාගයේන් හැම වසරකම අපේ විහාස්ථාන 20 ටම උදව් උපකාර කරනවා. එය අනෙකුත් දේශපාලනඥයින්ටත් ආදර්ශයක්. ඒවගේ එතුමා අපේ දුක සැප බලන්න එනවා. අපිට රජයෙන් හැම උදව්වක්ම පන්සල් සංවර්ධනයට එතුමා අරන් දෙනවා. ගෙවිගිය වකවානුව තුළදී එතුමා අපට ලබාදුන් ආධාර උපකාර නිසා අපේ පන්සල් අපි ගොඩ නගාගෙන තියනවා. ඒකට අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා  යැයි පැවසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya