නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘නිල සෙවණ’’ කාර්යාල 16 ක් ජනතා අයිතියට

    ජූනි 27, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ ''නිල සෙවණ'' ග්‍රාම නිලධාරී කාර්යාල 16ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් පසුගිය දින ජනතා අයිතියට පත්කිරීම සිදු විය.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක කරනු ලබන ''නිල සෙවණ'' කාර්යාල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ දී රුපියල් ලක්ෂ 20ක වියදමින් මෙවැනි එක් කාර්යාලයක් ඉදිකරනු ලබයි. ඒ අනුව හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විවෘත කරනු ලැබූ කාර්යාල 16 සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වැය කළ මුදල රුපියල් ලක්ෂ 320කි.

    දේදුනුපිටිය පහළ, දේදුනුපිටිය ඉහළ, යග්ගල, වෙලගම, ලෙච්චමිවැනිලා, වැලිගොඩපොල, පල්ලෙපොල, අලගල්ල පහළ, හදබෝව, කිතුල්දොර, කොළුගල, වැලිවිට ඉහළ උතුර, පොල්වත්ත පහළ, පොල්වත්ත ඉහළ, දුංකුඹුර, අළුදෙණිය දකුණ මෙසේ ජනතා අයිතියට පත් කළ නිල සෙවණ කාර්යාල වෙයි. ගමක සිටින ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර යන ක්ෂේත්‍ර නිලධාරීන් සිව්දෙනාට එකම ස්ථානයක සිට සිය රාජකාරී කටයුතු කරගෙන යාම සඳහා මෙම''නිල සෙවණ''කාර්යාල ඉදිකරනු ලබයි.


    ගමේ පොදු කටයුතු සඳහා ද මෙම කාර්යාල පරිශ්‍රයේ ඉඩකඩ තිබේ. රජයේ ඉලක්කය වී ඇත්තේ 2020 අවසන් වීමට පෙර මෙරට සියලුම ග්‍රාම නිලධාරී කොට්ඨාස වෙනුවෙන්  නිල සෙවණ කාර්යාල ඉදිකිරීමයි. එමගින් කාර්යක්ෂම, විශ්වාසනීය හා ගුණාත්මක රාජ්‍ය සේවයක් ගමේ ජනතාව අතරට ගෙනයාම සදහා අවස්ථාවක් ලැබෙනු ඇත.

    මෙම අවස්ථාව සඳහා හතරලියද්ද ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරුන් වන විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී පත්මලාල් ද අල්විස්, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී.හිටිසේකර, හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර යන මහත්වරු සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya