ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව ධිවර කාර්මාන්තයේ නිරත ධිවර ජනතාවට මෙම ජලජිවි ව්‍යාප්ති කාර්යාලය මගින් විශාල සේවයක් ලබාගැනීමේ පහසුව මෙමගින් සැලසෙනු ඇත .
දැනට ලුණුගම්වෙහෙර ජලාශය ආශ්‍රිතව ධිවර කර්මාන්තයේ නිරතව සිටින පවුල් සංඛ්‍යාව 168 ක් පමණ වේ .
රට අභ්‍යන්තරයේ සෑම ජලාශයකම මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරීමේ කඩිනම් වැඩපිළිවෙල දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය කටයුතු සැලසුම් කර තිබේ.
ඒ අනුව ධිවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සදහා පුහුණු වැඩසටහන් , ස්වයංරැකියා ලෙස මත්ස්‍ය වගාව සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ නිරත වීම ඇතුළු ජලජිවි වගා ක්ෂේත්‍රයේ කටයුතු විධිමත් ලෙස පවත්වාගෙන යාමටත් , ප්‍රදේශයේ ධිවර ජනතාවට අවශ්‍ය උපදේශනය සහ පහසුකම් සැලසීම සදහාත් මෙවැනි ජලජිවි කාර්යාල පිහිටුවීම සිදු කෙරේ.