නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝනොවන රෝග පාලනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්

    ජූනි 25, 2018

    සමබල අහරක් - නිරෝගී සිරුරක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ සෞඛ්‍ය ධාවන තරගය සහ පාගමන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී  ඊයේ (24) පෙරවරුවේ පැවැත්විනි.

    මෙහිදී පැමිණ සිටි සියලු දෙනා ශාරීරික ව්‍යායාම් සිදු කිරීමෙන් පසු පාගමන ආරම්භ විය. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

    ලෙඩ අඩු කර ගැනීම සදහා ශාරීරික ව්‍යායාම් කළ යුතුයි. ඇග අඩුකර ගත්තත් වැඩක් නැහැ. උදරයත් අඩු කර ගත යුතුයි. බෝනොවන රෝග සදහා ව්‍යායාම් නොකිරිම බලපානවා. ව්‍යායාම් කිරීමෙන් බෝනොවන රෝග තරමක් අඩු කර ගන්න පුළුවන්. ලෝකයේ සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. අපේ රටේ රෝහල් වලටත් ඇතුලු වන අයගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. එම නිසා බෝනොවන රෝග අවම කර ගත යුතුයි. රෝග කළින් හදුනා ගැනීම සදහා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවදිවි නාරි මධ්‍යස්ථාන 1500 කට වැඩි සංඛ්‍යාවක් අපි දිවයින පුරා ස්ථාපිත කර තිබෙනවා. එමගින් රෝග කළින් හදුනාගන්න පුළුවන්. පවුලේ වෛද්‍යවරයා සංකල්පය අපි ඉදිරිපත් කරනවා. පුද්ගලයින් 5000 කට එක් වෛද්‍යවරයෙකු බැගින් පත් කර සෑම පුද්ගලයෙකුගේම සෞඛ්‍ය වාර්තා ලබා ගැනීම එහි අරමුණයි. ඇමරිකන් ඩොලර් මිලියන 200 ක මුදලක් ලෝක බැංකුව විසින් ඒ සදහා ලබා දී තිබෙනවා. මෙම වැඩපිළීවෙල අගෝස්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. ස්ථූලතාවය අඩු කර ගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ගන්නා මෙම උත්සාහය මම අගය කරනවා.

    මෙහිදී සෞඛ්‍ය ධාවන තරගයේ ජයග්‍රාහකයින්ට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ත්‍යාග පිරිනමන ලදි.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි. නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ. පාර්ලිමේන්තු මන්ත්‍රි තුසිතා විඡේමාන්න ඇතුලු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලධාරි මණ්ඩලය, වෛද්‍යවරුන් ඇතුලු 2000 කට අධික පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya