අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 14 වන අපනයනකරුවන්ගේ සංසදය පවත්වයි

    ජූනි 23, 2018

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 14 වන අපනයනකරුවන්ගේ සංසදය, ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (22) දින ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

    අදාළ සැසිවාරයට සමගාමීව රාජ්‍ය අංශයේ ආයතන සමඟ අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළඳ ගැටළු වලට විසඳුම් ලබාගැන්ම සඳහා මෙම සැසිය පවත්වන ලදී.

    රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය නියෝජනය කළ නියෝජිතයන් රැසක් මෙම සමුළුවට සහභාගි වූ අතර අපනයනකරුවන්ගේ ගැටළු 18ක් සඳහා විසඳුම් ලබාදීමට සාකච්ජා කරන ලදී.

    මෙහිදී ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහතා සදහන් කියා සිටියේ, අපනයන වර්ධනය කිරීම සදහා මේ වන විට රටතුළ ශක්තිමත් අත්තිවාරමක් ගොඩනගා තිබෙන බවත් මේ වනවිට සකස්කර තිබෙන ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම තුලින් එම වැඩපිළිවෙල තවදුරටත් තහවුරුවන බවයි.

    සංසදයේ දී මතු වු ගැටලු විසඳීමේ දී රජයේ නිලධාරීන්ගෙන් ලද ධනාත්මක ආකල්ප පිළිබදව සහ අපනයනකරුවන් විසින් ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය ද අමාත්‍යතුමන් විසින් අගය කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya