අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

    ජූනි 22, 2018

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

     

    අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවේ.

     

    අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක ප.ව.2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

     

    දිවයිනේ උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල සහ මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට හමන තරමක තද සුළං (පැ.කි.මී. 40-50පමණ) ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya