අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමුද්‍රීය ජලජිවි වගාව ව්‍යාප්ත කිරීමට කඩිනම් වැඩපිළිවෙලක්

    ජූනි 22, 2018

    ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින ජලජ පැලැටි වගාව ව්‍යාප්ත කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

    විශාල විදේශ විනිමයක් රටට හිමිකර දිය හැකි මෙවැනි ව්‍යාපෘති රටට අත්‍යවශ්‍ය බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඒ සදහා වැඩපිළිවෙල කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙසය .
    මෙමගින් සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කරගැනීමට හැකිවන බවද සදහන් කල දිලිප් වෙදආරච්චි මහතා එම වැඩපිළිවෙල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයට ඉදිරිපත් කර අවශ්‍ය සහය ලබාගැනීමටද කටයුතු කරන බව සදහන් කළේය.


    ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ 2018 වසරේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිලිබදව එම අධිකාරියේදී පැවති විශේෂ සාකච්ජාවකදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මේ බව සදහන් කළේය .
    සමුද්‍රීය ජලජ පැළෑටි මෙන්ම කොරල් පර වගාව ව්‍යාප්ත කිරීම සදහාද සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීම සදහා කඩිනම් අවධානය යොමුකර එය ව්‍යාප්ත කරලීම මගින්ද රටට විශාල විදේශ විනිමයක් උපයාදීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya