අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාකරෙයි ප්‍රදේශයේ අක්කර 500 ක Green Cucumber වගාව ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර

    ජූනි 22, 2018

    වසර 30 ක් යුද්ධයෙන් සහ සුනාමි ව්‍යසනයට ලක්ව හානියට පත් වාකරෙයි ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා අක්කර 500 ක කොළ පිපිඤ්ඤා වගාව ප්‍රචලිත කිරීමට සඳහා ලෝක බැංකු සහය පළවී ඇත.

     

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතිය (Agriculture Sector Modernization Project) යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් වාකරෙයි ප්‍රදේශයේ ගොවීන් 500 කට කොළ පිපිඤ්ඤා වගාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව එක් ගොවි මහතෙකුට අක්කරයක් බැගින් වගා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන අතර ඔවුන්ගේ අස්වනු හේලිස් (කෘෂිකර්ම) සමාගම විසින් මිලදී ගැනීමට නියමිතය.

    මේ සම්බන්ධ අවබෝධතා ගිවිසුමට කෘෂිකර්ම අමාත්‍යාංශයත්, හේලීස් සමාගමත් අත්සන් තැබීම  ඊයේ දින (21) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු වූ අතර කොළ පිපිඤ්ඤාවලට අදාල ගිවිසුම් ගොවි මහතුන් වෙත බෙදාදීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු කෙරිණි. මෙම ව්‍යාපෘතිය වසර 05 ක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

    විශේෂයෙන් අපනයනය ඉලක්ක කරගනිමින් කොළ පිපිඤ්ඤා වගා කෙරෙන අතර වසරකට වාර තුනක් මෙම වගාව සිදු කළ හැකිය. එක් වාරයක දී එක් ගොවියෙකුට දළ වශයෙන් රු. 2,50,000 ක ආදායමක් උපයා ගත හැකි වේ.

    සමස්තයක් ලෙස එක කන්නයකදී එක ගොවියෙකුගෙන් අපේක්ෂිත වගා ඉලක්කය කි.ග්‍රෑ. 10,000 කි.

    ගොවීන්ගේ ආදායම වැඩි කිරීම, නිමි අගය ඉහළ නැංවීම ඉලක්ක කර ගනිමින් නිෂ්පාදකයන්, අලෙවිකරුවන්, සේවා සපයන්නන් සම්බන්ධ කරගනිමින් අපනයන කෘෂිකර්මය ඉහළ නැංවීමට පියවර ගත යුතු යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ ය.

    කොළ පිපිඤ්ඤා වගා කිරීමේ ව්‍යාපෘතිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණය හා උපදෙස් සමඟින් යුරෝපා, දකුණු ආසියානු රටවල් සහ මැදපෙරදිග වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් අපනයනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ලෝක බැංකු නියෝජිත Andrew Goodland සහ Hayleys Agriculture ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ජයන්ති ධර්මසේන, කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකොන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya