අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.
මේ සඳහා පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් කාරකසභා පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකි බවත් විද්‍යුත් ලිපි මඟින් කාරක සභාව වෙත තොරතුරු ලබාදිය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
තවද ඉදිරි මාස කීපයතුළ ගිණුම් කාරක සභාවේ කටයුතු සජීවී ලෙස අන්තර්ජාලයෙන් ප්‍රචාරය කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
රාජ්‍ය ආයතනවල දූෂණය, අක්‍රමිකතාවය, අඩුපාඩු, අවම මට්ටමකට ගෙන ඒම කාරක සභාවේ අරමුණ බවත් ඉදිරි වර්ෂවලදී අඛණ්ඩව රාජ්‍ය ආයතන 837 පිළිබඳව පසුවිපරම් කටයුතු සිදු කරන බවත් මේ වනවිට බොහෝ රාජ්‍ය ආයතන ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බවත් පැවසූ අමාත්‍ය ලසන්ත අලගියවන මහතා, ඉදිරියේ දී ආයතනවල සිදුවන අඩුපාඩු අවම කරගැනීමට හැකි වේ නම් එය සැබෑ ජයග්‍රහනයක් බවද පැවසී ය.
.