නවදිල්ලි නුවර සිට ක්‍රියාකරන බෙල්ජියම් රාජධානියේ තනාපති කාර්යාල නියෝජ්‍ය ප්‍රධානි ස්ටිජින් මෝල්ස් මහතා නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය, රවුෆ් හකීම් මහතා ඊයේ(20) අමාත්‍යවරයාගේ නිල නිවසේ දී හමුවීය.
රටේ ජල සම්පාදන ව්‍යාපෘති සහ අපජල කළමනාකරණ ව්‍යාපෘති ස්ථාපිත කිරීම හා සංවර්ධනය කිරීම යන විෂයන් පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළ අතර, දැනටමත් යෝජිත ගම්පහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ එහිදී සාකච්ඡා විය.
දැනටමත් බෙල්ජියම් රාජධානියේ ආධාරයෙන් මොනරාගල සහ බුත්තල යනාදී ප්‍රදේශවල ජල ව්‍යාපෘති ඉදිවෙමින් පවති.
බෙල්ජියම් රටේ අධ්‍යාපනය, දියුණු සංස්කෘතික හා ආර්ථික සංවර්ධනය පිළිබඳව මෝල්ස් මහතා විසින් විස්තර කරන ලදී. තවද ලබන මාසයේ බෙල්ජියම් රටේ පාර්ලිමේන්තු දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එහි අරමුණ පිළිබඳවත් හෙතෙම කරුණු පැහැදිළි කළේය.