නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක්

    ජූනි 21, 2018

    විවිධ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී ඇත.

    අවසරයකින් තොරව වෛද්‍යවරුන් ප්‍රකාශ නිකුත් කිරිම විනය විරෝධී කරුණකි.

    ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබදව (19)දින වෛද්‍යවරුන් මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇත.

    තව ද තිස්සමහාරාම රෝහලේ වෛද්‍යවරුන්ගේ හිගයක් ඇති බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා එම රෝහලට අවම වශයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු කඩිනමින් යොමු කරන ලෙස වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු මහතාට දැනුම් දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya