සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) රජයේ චිත්‍රපට සංස්ථාවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
1971 අංක 44 දරණ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත අනුව පැවරී තිබූ බලතල ප්‍රකාරව චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත්‍රපට සංස්ථාව සතුව තිබූ නමුත් එවකට පැවැති රජය විසින් මෙම ක්‍රියාවලිය සංස්ථාව වෙතින් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාවට අමතර ව පෞද්ගලික සමාගම් 04ක් සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව ඇතිකරගත් තාවකාලික ගිවිසුමක් අනුව 2000 වසරේ සිට චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු සිදු කොට ඇත. එමෙන් ම චිත්‍රපට ක්ෂේත්රයේ ඇතිව ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද විද්වත් කමිටුවේ දී චිත්‍රපට ශාලා හිමියන්ගේ හා නිෂ්පාදකවරුන් පෞද්ගලික මණ්ඩල සමඟ ක්‍රියාකාරීමේ දී සිදුවන ගැටලු සම්බන්ධයෙන් ඇති ව ඇති ගැටලුකාරී තත්ත්වයන් හමුවේ මෙම පියවර ගැනීමට කටයුතු කළ බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුනි.
ඒ අනුව ව ඉදිරියේ දී සියලු සිනමා ශාලා හිමියන්ට සාධාරණයක් සිදුවන ආකාරයෙන් ප්‍රධාන ධාරාවන් 03ක් යටතේ මාරුවෙන් මාරුවට චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කොට ඇති අතර මාස 06ක පමණ අධීක්ෂණයකින් අනතුරුව මෙම ක්‍රමවේදයේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් නැවත ක්‍රමවේදයේ යම් වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් කී චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා 1999 වසරේ දී චිත්‍රපට බෙදාහැරීමේ කටයුතු පෞද්ගලික අංශය වෙත පැවරීම සිදුකළ අවස්ථාවේ දී දිවයින පුරා චිත්‍රපට ශාලා 251ක් ක්‍රියාත්මක වූ නමුත් මේ වන විට ඇත්තේ චිත්‍රපට ශාලා 177ක් බවත් කීය.
දේශීය චිත්‍රපට ක්ෂේත්රය ආරක්ෂා කළ යුතුයි යන ස්ථානයේ සිට මෙම කටයුත්ත ආරම්භ කිරීමට කටයුතු කරන බවත් සිනමා කර්මාන්තය වර්ථමානයේ දී ලාභදායි තත්ත්වයක නොපවතින බැවින් සිනමා ශාලා හිමියන් වෙනත් ව්‍යාපාර ස්ථාන සඳහා තම පරිශ්‍රයන් යෙදවීමට කටයුතු කරන බවත් පෙන්වාදෙන සභාපතිවරවා පෞද්ගලික සමාගම් හරහා චිත්‍රපට බෙදාහැරීමේ දී සිනමාශාලා හිමියන්ට විශාල ආධාරණයක් සිදුවන අතර චිත්‍රපට නිෂ්පාදකවරුන්ට ද ආසාධාරණයක් වන බවත් වැඩිදුරටත් කීය.