ඒ අනුව වන සතුන් විසින් අපේ ගොවින් වගා කරන බෝගවලින් සීයයට තිහක් විනාශ කරන අතර තවත් සියයට හතලිහක් පසු අස්වනු නාස්තිය නිසා විනාශ වන බවත් සතුන් විසින් සිදු කරන විනාශය වැළැක්වීම සඳහා පියවර රැසක් යෝජනාවී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සමහර ගොවීන් සතුන් බිය කිරීම සඳහා වායු රයිපල් ලබා දෙන ලෙස ඉල්ලුවත් එම ක්‍රමය අසාර්ථක බව දැනට පෙනීගොස් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සතුන් විසින් සිදු කරන බෝග හානිය වලක්වා නොගතහොත් ජනතාවට විශාල ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වන බව ද සඳහන් කළේය.
ඉන්දියාවේ ගොවීන් වගා බිම් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කිසියම් ශබිදයක් උපයෝගී කර ගනිමින් සතුන් පළවා හැරීමට කටයුතු කරන බවත් එවැනි ක්රයමයක් හෝ වෙනත් විකල්ප ක්‍රමයක් උපයෝගී කර ගත යුතු බවත් ඒ මහතා පැවසීය.
මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් ආරම්භ කළ සරුපිරි ගෙවත්තක්-පැළ කට්ටල ලක්ෂයක් බෙදාදීමේ උත්සවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හදබිම ආදර්ශ ගොවිපලේදී මෙම වැඩ සටහන පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කඩිනම් සංවර්ධන වැඩ පිළිවෙළක් ආරම්භ කළා. ඒ යටතේ අපි පැළ දශලක්ෂයක් සිටුවීමේ වැඩ සටහන පසුගියසතියේ ඇරඹුවා. එහි දෙවැනි වැඩ සටහන තමයි අද ආරම්භ වන්නේ අපට අවශ්‍ය පලතුරු අපේ රටේම නිපදවා ගැනීම කළ යුතුයි.
"අහක දාන දණ්ඩක් වුනත් දළු දාලා පැළවෙන සරු පොළවක් අපේ රටේ තිබෙනවා. ඒ වුනත් වාර්ෂිකව දොඩම් ආනයනයට රු.මි.568ක්, මිදි ආනයනයට රු.මි.2566ක්, මී පැණි ආනයනයට රු.මි.468ක් මේවනවිට ඉඟරු සහ කහ ආනයනයට රු.මි.1315ක් අපි වැය කරනවා. තල, කුරක්කන් වැනි ධන්‍යය පවා මේවන විට ආනයනය කරනවා. මේ රජය ජනතාවට සහන රැසක් ලබා දී තිබෙනවා. අපේ ගොවීන්ට දැන් නොමිලයේම කෘෂි රක්ෂණය ලබා දෙනවා. ඒ සඳහා රජය රු.මි.5228ක් වෙන් කළා. අපේ ගොවීන්ට දැන් බය නැතුව වගා කරන්න පුළුවන්.
ඒ වගේම ගොවීන්ට පොහොර සහනාධාරය දැන් පරණ විදියටම ලැබෙනවා. රුපියල් 500ට වී සඳහා පොහොරත්, වෙනත් බෝග සඳහා රු 1500කටත්, මිශ්‍ර පොහොර සාධරණ මිලකටත් ලබාදීමට අපි පියවර ගෙන තිබෙනවා.ඊළඟ මහ කන්නයේ සිට මේ පොහොර වර්ග තුනටම සහතික මිලක් අපි ලබා දෙනවා වගේම කිසිදු හිඟයකින් තොරව පොහොර මිලදී ගැනීම සඳහාත් මේ වන විටත් පියවර ගෙන තිබෙනවා" යැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.