ඒ අනුව පෙ.ව.9.00 ට පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම, පෙ.ව. 11.30 ට උග්ගහකුඹුර නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, ප.ව. 12.30 ට ගොඩහේන නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම, ප.ව. 3.30 ට අමුණුගම උතුර නිල සෙවණ කාර්යාලය විවෘත කිරීම සහ ප.ව. 4.45 ට හපුවෙල නිල සෙවණ කාර්යාලය විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල සඳහා වත්මන් රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 138 ක් වන අතර නිල සෙවණ කාර්යාලයක් ඉදිකිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 20කි.
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පූජාපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරුන් වන තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්.ඒ හලීම්, මාධ්‍ය පළාත් අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහත්වරු ඇතුළු මහනුවර දිස්ත්‍රික් මැතිඇමැතිවරු සහභාගි වෙති.