නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෆියුචර් මයින්ඩ්ස් 2018 අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ.......

    ජූනි 15, 2018

    උසස් පෙළ සමත් සිසුන්ට ඔවුන්ගේ උසස් අධ්‍යපන කටයුතු සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දෙන ''ෆියුචර් මයින්ඩ්ස්'' උසස් අධ්‍යාපනික සහ වෘත්තීය ප්‍රදර්ශනය 13 වැනි වරටත් අද(15) උදෑසන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජ්‍යාත්ත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ විය.

    මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා  පැවසුවේ, "මම මේ ප්‍රදර්ශනය අගය කරනවා. මොකද පුද්ගලික අංශයේ සේවය කරන ඔබ රජය වෙනුවෙන් මෙවැනි වැඩක් කිරීම සම්බන්ධයෙන්. මෙම ප්‍රදර්ශනය තුළින් පාසලින් නික්ම යන දරුවන්ට තමන්ට අවශ්‍ය උසස් අධ්‍යාපනය කුමක්දැයි තෝරාගෙන, ඒ සම්බන්ධයෙන් අවබෝධයක් මෙතනදී ගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් වෘත්තීය මාර්ගෝපදේශයකයින් බොහෝ දෙනෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. අනාගතයේදී මොන අංශයේ රැකියාවලටද ඉල්ලුමක් තියෙන්නේ කියලා මෙමගින් දරුවන්ට දැනගන්න පුළුවන්.මම කල්පනා කරන්නේ ඔබ වැනි කණ්ඩායම් එකතුකරගෙන කොහොමද මේක ඉස්සරහට ගෙනියන්නේ කියලා. ලස්සනට වීඩියෝ එකක් හදල වැඩියෙන් ආදායම් උපයන්න පුළුවන් රැකියා අවස්ථා මොනවද කියල ඒ වීඩියෝවෙන් ඉදිරිපත් කරන්න අපට හැකියාව ලැබෙනවා. මම බලාපොරොත්තු වෙනවා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයෙනුත් යම් මුදලක් මේකට එකතු කරල මේ වැඩසටහන තවත් ඉදිරියට ගෙනයන්න."

    කොළඹ නාලන්දා විද්‍යාලයේ කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන මෙම ප්‍රදර්ශන භූමියේ උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට අධ්‍යාපන පහසුකම් සැලැසීම , උසස් අධ්‍යාපන අවස්ථා සහ වෘත්තිය සැලසුම්කරණය පිළිබඳව සිසුන් දැනුම්වත් කිරීම  ,  වෘත්තිය මාර්ගෝපදේශනය  සහ වෘත්තිය උපදේශන ලබා දෙන ප්‍රදර්ශන කුටි 150කට වඩා ඇතුලත් වේ. දේශීය මෙන්ම විදේශිය උසස් අධ්‍යාපන ආයතන රාශියක්ද මේ අතර වේ.

    මෙහිදී තවදුරටත් අදස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, ලංකාවේ උසස් අධ්‍යාපනයට Monitoring system එකක් තියෙන්න ඕන, තමන්ගේ විශ්වවිද්‍යාලයේ මොන මොන පාඨමාලාවලින්ද වැඩිම රැකියා අවස්ථා තියෙන්නේ කියලා. අපිට ඉල්ලුමක් තියෙන පාඨමාලාවන් සඳහා නවක සිසුන් ඒවට යොමු කරන්න හැකියාව ලැබෙනවා.එහෙම නොවන නිසයි විශ්වවිද්‍යාලයෙන් එලියට එන සිසුන්ට ලිප්ටන් වටරවුමෙ ගිහින් බෝඩ් අල්ලගෙන උද්ගෝෂණය කරන්න වෙන්නේ. ඒක නෙමේ වෙන්න ඕන. පිටරටක ගිහින් විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න රුපියල් ලක්ෂ 50ක් විතර ඕන. රජයේ විශ්ව විද්‍යාලවල එක් සිසුවෙකුට රුපියල් ලක්ෂ 25ක් විතර වැයවෙනවා. ඒ මුදල් සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වලින් තමයි ලබා ගන්නේ. එහෙම ඉගෙන ගත් අයගෙන් රටට යමක් ලබා දෙන්න බැරි නම් එයින් වැඩක් නැහැ. ඉදිරි වර්ෂයෙත් මෙම වැඩසටහන තවදුරටත් සාර්ථක කරගන්න මම සුභ පතනවා.

     අධ්‍යාපන අමාත්‍යංශයේ අතිලේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක , එයාර් වයිස් මාර්ෂල් සුමංගල ජයසිංහ, කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජේසිංහ නාලන්දා විද්‍යලයේ නියෝජය විදුහල්පති අජිත් වික්‍රමසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මෙම ප්‍රදර්ශනය මේ මස දින 22‍්, 23 යන දිනවල  නුවරදී සහ සැප්තැම්බර් 8 සහ 9 දිනවලදී ගාල්ලේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya