නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රාජ්‍ය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය විනිවිදභාවය ශක්තිමත් කරයි- කොමිෂමේ සභාපති

    ජූනි 15, 2018

    ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව නිකුත් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ හා ක්‍රියා පටිපාටිය සකස් කර එම තොරතුරු ගැසට්  පසුගිය මැයි 09 වෙන දින සිදු කළ බවත් එය මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත බවත්  ජාතික ප්‍රසම්පාදන  කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු නිහාල් වික්‍රමසූරිය මහතා පැවසීය.

    සභාපතිවරයා ප්‍රකාශ කළේ එම ප්‍රසම්පාදන මාර්ගෝපදේශය මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම කොමිෂන් සභාවේ එක් ප්‍රධාන කාර්යයක් වන බවයි.


    මෙම මාර්ගෝපදේශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (14) බණ්ඩාරනායක  අනුස්මරණ ජාත්‍යන්ර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අතර එහිදී සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙරට 19 වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ප්‍රථම වරට පිහිටුවා ඇති මෙම ප්‍රසම්පාදන කොමිෂන් සභාව රජයේ ආයතන විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය ප්‍රසම්පාදන නියමන කාර්යන් සිදු කරනු ලබන  බවත් පැවති ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වැඩිදියුණු කර පුළුල් ක්‍රියාවලියක් අනුගමනය කර මෙය සකස් කර තිබෙන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    මෙම මාර්ගෝපදේශ සංග්‍රහය හා අත්පොත් මඟින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කරමින්  විනිවිදභාවය හා ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිසි වගකීම වැනි ක්‍රියාවලීන් ශක්තිමත් වීම හේතුවෙන් රාජ්‍ය ප්‍රසම්පාදන වියදම අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

    සියලුම ලංසුකරුවන් අතර ඵලදායී තරගය ප්‍රවර්ධනය කරමින් එම ලංසුකරුවන්ට සමාන අයුරින් තරග කිරීමට අවස්ථාව ලැබෙන බව පෙන්වා දුන් සභාපතිවරයා යම් අවස්ථාවක ලංසුකරුවෙකුට තම ලංසුව නොලැබීම සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ අවස්ථාව ද මෙමඟින් ලබාදී තිබෙන බව සඳහන් කළේය.

    මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පසු මෙම නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ දිවයින තුළ බලාත්මක වන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සමාජිකයින් වන මහාචාර්ය සී. වෙඩික්කාර මහත්මිය, ආචාර්ය පාලිත ඒකනායක මහතා, එම්. වමදෙවන් මහතා, සී. පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.                      

                                  
               

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya